2016/05/05

පොත්කවර කියන කතා



පොත් කවරයක් නිර්මාණය කරණවාද? පොත් කවරයක් නිශ්පාදනය කරණවාද? නිර්මාණය සහ නිශ්පාදනය අතර ඇති වෙනස කුමක්ද? මේ දෙකෙන්ම සිදුවෙන්නේ එකම කටයුතුත්තද? මට නම් ඇත්තටම මේවා හරිම ප්‍රශ්න. මේවට උත්තර හොයන්නත් මම මගේ කාලය වැය කරනවා. සමහරු හිතනවා එක අවශ්‍ය නැති වෙහෙස වීමක් කියලා. කොටින්ම කිව්වොත් ඒ ගැන හිතන්නවත් ඒ අයට උවමනාවක් කාලයක් නෑ....

ඇත්ත. පොතකට කවරයක් ඕනෑ ඇයි?  පොතේ ආරක්ශාවට. මහ කලුගල්වල සෙල්ලිපි ලියපු කාලේ ඒවට කවර දැම්මේ නෑ. කවර දාන්නත් බෑනේ. ඉතිං අද වෙන කොට ඒ ලිපි සවභාව ධර්මයේ ම යම් යම් කාරණාවන් හේතු කරගෙන විනාස වෙලා තියෙනවා. එදා සේල්ලිපි ලියපු අය එවට ත් කවරයක් දැම්මනං ඒ ලිපි අද වෙනකොට මීට වඩා ප්‍රෙව්සම් වෙලා තියෙයි නේද කියල මට හිතෙනවා.. ඉතිං ඒක  ඒය කොහොම කොහොම කරන්ටද?

නමුත් පසුකාලීනව ගල් පර්වත වලින් ඉදිරිවට ගිහිල්ලා තල්කොලේ, පුස්කොලේ , කඩදාසියේ අකුරු ලියන්න ගත්තම මිනිස්සු ඒවයේ ආරක්ෂාවට ඔන්න කවර දාන්න පටන් ගත්තා. තල්කොලේ ලියපු අය එවයේ ආරස්සාවට දෙපැත්තතෙන් ලී පත්රු දෙකක් තියල බැන්දා. ආරක්ශාවට, පහසුවට, කල්පැවැත්මට. පසුකාලීනව අපේ කලාවට ලැදි , නිර්මාණාත්මකව හිතපු මිනිස්සු මේ ලී පතුරු දෙක අලංකාර කරන්න , ලස්සන කරන්න ලියවැල් , විවිධ මෝතර, සත්වරූප යොදාගෙන තියෙනවා. එතනින් ඒ මිනිසු නතරවුනේ නෑ. ඔවුන් ඒ පිට වැස්මට වර්ණයන් යොදාගෙනත් තියෙනවා.

සංවේදි මිනිසුන් සිය අදහස් ප්‍රකාශනයේ දී එක් තැනක නතරවී නෑ. ඔවුන් අකුරු නිර්මාණය කර වචන සාදාගෙන වාක්‍ය හරහා තම අදහස් අනෙකාට ඇගවීමට උත්සාහ කලා. ඔවුන් එයින් තෘප්තිමත් වූවාද?  නෑ... ඔවුන් ලියන පොත් එකින් එන වෙනස් බව පෙන්වීමටත් , ඒ වෙනස්කම මොකෙද්ද යන්න පහසුවෙන් සංනිවේදනය කිරීමටත් පොත්කවරය, එහි මතුපිට සවභාවය නිර්මාණාත්මකව ගොඩ නැගීම මගින් සිදු කලා. දහම් පොත පත සදහා වෙනම ආකාරයේ රටාවල් සහිත පිට වැස්මක් ද, වෙනත් විෂය තරුණු සදහා ඒවාට ආවේනීක  වූ වර්ණ සහ මෝස්තර ඇතුලත් පිටවැසුම් ද නිර්මාණයකිරීමට තරම් ඔවුන් සියුම් මිනිසුන් වුණා.

මේ අනුවයි. පිට වැස්ම සියුම් නිර්මාණාත්මක කලාවක් සේ දියුණු වුනේ. අද තත්වය කුමක්ද? අද තාක්ෂනය අතින් මෙන්ම මිනිසාගේ සිතුවිලි අතින්ද ඉතා උසස් මට්ටමකට පත්වෙලා තියෙනවා... මොකද්ද අපේ රටේ සිදුවෙන්නේ...? පිට වැසුම් බිහිකිරීමේ දී ක්‍රමිකව ගොඩනැගුන කලාවේ ඇති සුවීශේෂී අංග පුලාංග අද ගලවා දමමින් තියෙනවා....කොටින් කිව්වොත් පොත් කවර කලාව අද වද වී යමින් තියෙනවා... මේ ගැන විවිධ විද්වතුන් විවිධාකාර අදහස් දරණවා...  සමහරු කියනවා පොත් කවර නිර්මාණාත්මක කලාවක් බවට පත්විය යුතු නෑ කියලා. කවරය පොත විකුනා ගැනීම සදහා  මිනිසාගේ ඇස ආකර්ශනය කර, ඇද බැදගන්නා. මිනිසා රවටා ආකර්ශනය කරගතහැකි මාධ්‍යක් පමණක් වියයුතුය යන්න තවත් මතයක්. මානම් හිතෙන්නේ  පොත් කවරය නිර්මාණාත්මක කලාවක් වූවහොත් එය පොතටත් , පොතේ ආරක්ෂාවටත්, කලාවටත්, රසවිදින්නාටත් මහත් සේවයක් වෙන බවයි....

මේගැන තවදුරටත් කතාකරන්න කරුණු කාරනා තියෙනවා... ඔබටත් හැකියි මේ ගැන ඔබේ අදහස් උදහස් කියලා මේ සාකච්ඡාව ඉදිරියට ගෙනයන්න......















                               



No comments:

Post a Comment